Monday, October 23, 2017

ඔස්ටියෝපොරෝසිස් රෝගය





වයසත් සමඟ යෞවන වයසේදී තිබූ බොහෝ දේ අපට අහිමි වී යයි. විශේෂයෙන් එසේ වන්නේ සමබල ආහාර ගනිමින්, උසට සරිලන බරක් පවත්වා ගනිමින්, සිතින් යෞවනියක ලෙස ජීවත් නොවන අයයි.
වයස අවුරුදු 60 – 70 ත් අතර පසුවන කාන්තාවන් තිදෙනකුගෙන් එක් අයකු වියපත් වීමත් සමඟ ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරුවීමේ අවදානම ඉහළ යයි. ඒ වාගේම වයස අවුරුදු 80 ඉක්ම වූ කාන්තාවන් තිදෙනකුගෙන් දෙදෙනෙක්ම රෝගීවීමේ අවදානම පවතින අයයි.

වසර ගණනක් පුරා පවතින සියුම් කොන්දේ කැක්කුම බොහෝ දෙනකු ගණනකට නොගත්තත් ඊට හේතුව ඔස්ටියෝපොරා්සිස් විය හැකියි. අධික රුධිර පීඩනය මෙන්ම මෙය ද නිහඬව අප කරා එන රෝගයකි. බොහෝ දෙනකු තමන් රෝගී බව දැන ගන්නේ සුළු වැටීමකින් අස්ථි පිපුරුණු පසුවයි. ඔස්ටියෝපොරා්සිස් මාරාන්තික නොවුණත් මාරාන්තික වන්නේ අස්ථි බිඳී එක්තැන් වූ විටය. එනිසා අස්ථි රැක ගැනීම ඉතා වැදගත්ය. රුව ගැන වගේම අස්ථි ගැන සිතීමට නව යෞවනයේදීම මුල පිරිය යුතුය.
අපේ අස්ථිවලට වැඩිපුරම කැල්සියම් අවශ්‍ය වයස අවුරුදු 10 – 18 අතර කාලයේදීයි. අස්ථි වේගයෙන් වර්ධනය වෙන්නේ ඒ වයස්වලදීයි. එහෙත් මේ විභාග ඉලක්ක කරගෙන නොකා නොබී අපේ නව යෞවනියන් පන්ති කාමරවලට කොටු වී සිටින කාලයයි. නිසි වයසට අස්ථි ගැන සැලකිලිමත් නොවීමේ වරදට වන්දි ගෙවීමට සිදුවන්නේ වැඩිහිටි වයසේදියි. එසේ කියා අධි කැල්සියම් අඩංගු කෘත්‍රිම පාන නම් ලබා දීම නුසුදුසුයි. එයින් සිදුවන්නේ කැල්සියම් වැඩි වී නැති ලෙඩ හට ගැනීමයි.
පන්ති යන දූට, පුතාට අම්මලා වැඩියෙන් කිරි, යෝගට්, චීස්, හාල්මැස්සන් වැනි කුඩා මාළු, සැමන්, සාඩින්, මුරුංගා කොළ, කැරට් කොළ, කතුරුමුරුංගා වැනි ආහාර දිය යුතුයි.

වැඩිහිටි වියේදී අස්ථි සවිමත්ව පවත්වා ගැනීමට නම්

* උදෑසන හිරු එළියට මිනිත්තු 10 ක් නිරාවරණය වන්න. අපේ අස්ථිවලට අවශ්‍ය විටමින් D වලින් සියයට අනූවක්ම හිරු එළියෙන් ලබාගත හැකියි.
* සිහින් වූවාට කෙසඟ නොවන්න. ශරීර ස්කන්ධ දර්ශකය 19 ට අඩුවීම ද සුදුසු නැත.
* මාපියන්ගේ අස්ථිවල නිරෝගී බව ගැන සොයා බලන්න. අපේ අස්ථිවල සියයට අසූවක් මාපිය උරුමයෙන් ලැබෙන්නකි. මවගේ, පියාගේ අස්ථි බිඳී ඇත්නම් දරුවන්ට ද අවදානමක් තිබේ. එනිසා වැඩිපුර අස්ථි ගැන අවධානය යොමු කරන්න.
* අස්ථි සවිමත් වන ව්‍යායාම කරන්න. බර ඉසිලීම, කායවර්ධන ව්‍යායාම අස්ථි සවිමත් කරන ව්‍යායාමය. සිරුරේ බර අස්ථිවලට දැනෙන ව්‍යායාම කිරීම වැදගත් වේ. උඩ පැනීම, දිවීම, ඇවිදීම අස්ථිවලට බර දැනෙන ව්‍යායාමය. සතියකට සැතපුම් 3 – 5 ක් ඇවිදීමෙන් අස්ථි සවිමත් වෙයි. වයස අවුරුදු 25 වන විට කෙනකුගේ අස්ථිවල උපරිමයට ළඟා වී අවසන්ය. වයස තිස් ගණන් වන විට අස්ථි වර්ධනය වනවාටත් වඩා කඩිනමින් අස්ථි දුර්වලවීම ඇරඹෙයි.
ඊස්ට්‍රජන් කාන්තා හෝර්මෝනය වයස්ගතවන විට අඩුවීමට ගනී. එයත් කාන්තාවන්ගේ අස්ථි දුර්වල කරන තවත් හේතුවකි. ආර්තවහරණය සිදු වී වසර 5 – 7 ක් ගත වූවාට පසු කාන්තාවගේ අස්ථිවලින් 20% පමණ අහිමිවීමට තිබෙන ඉඩකඩ වැඩිය. අධික ලෙස දහදිය දමන, රාත්‍රියට වැඩි උණුසුමක් දැනෙන කාන්තාවන් අස්ථි දුර්වලවීමට වැඩි ඉඩක් ඇති අයයි.

* කාන්තාවක වීම
* වයස්ගත වීම
* පවුලේ සමීප ඥාතීන්ට ඔස්ටියෝපොරෝසිස් රෝගය වැලඳී තිබීම
* අඩු වයසේදී (අවුරුදු 45 ට පෙර) ආර්තවහරණය වීම හෝ ගර්භාෂය සැත්කමකින් ඉවත්කර තිබීම.
* රුමැටොයිඩ් ආතරයිටිස්, පළමුවැනි වර්ගයේ දියවැඩියාව, අන්ත්‍ර ප්‍රදාහ, තයිරොයිඩ් ගැටලු තිබීම රෝගයට ඇති අවදානම වැඩිකරන සාධකයි.
රුමැටොයිඩ් ආතරයිටිස් හා ඔස්ටියෝපොරෝසිස් අතර සබඳතාවක් පවතින බව අධ්‍යයන ගණනාවකින්ම හෙළි වී තිබේ. රුමැටොයිඩ් ආතරයිටිස් රෝගීන්ගේ අස්ථි දුර්වලවීමට පිපිරීමට තිබෙන ඉඩ වැඩියි. රෝගයට දෙන ඖෂධ නිසා අස්ථී දුර්වල වේ. සන්ධි වේදනාව නිසා රෝගීන් ව්‍යායාම කිරීමට මැළි වේ. මේවා ඔස්ටියෝපොරෝසිස් අවදානම ඉහළ නංවයි. රුමැටොයිඩ් ආතරයිටිස් රෝගය නිසා ද අස්ථි කෙළින්ම දුර්වල වේ. රෝගය ඇති සන්ධි අවට අස්ථි ඉක්මනින් දුබල විය හැකියි. රෝගයෙන් පෙළෙන පිරිමින්ට වඩා දෙගුණයක, තෙගුණයක අවදානමක් කාන්තාවන්ට පවතී.

තයිරොයිඩ් රෝගය හා අස්ථි කුහර සහිත වී දුබල වී බිඳීයාමේ රෝගය හෙවත් ඔස්ටියෝපොරෝසිස් සෑදීම අතර නෑකමක් ඇත. තයිරොයිඩ් හෝර්මෝන ක්ෂය වන අස්ථි නැවත ගොඩ නැඟීම අඩාල කරයි.
තයිරොයිඩ් හෝර්මෝන ඉහළ මට්ටමින් දිගටම පවතින විට අස්ථි ක්ෂයවීම වේගවත් වේ. ඒ වාගේම තයිරොයිඩ් හෝර්මෝනය තිබිය යුතු මට්ටමට වඩා අඩුවෙන් තිබීම ද අස්ථිවලට සුබ නැත.

අන්ත්‍ර ප්‍රදාහයට පත්වීමට දෙන ඖෂධ වගේම ආහාර ජීර්ණය නිසි ලෙස සිදු නොවීමෙන් කැල්සියම්, විටමින් ඩී උරා ගැනීම අඩුවීම අස්ථි සෞඛ්‍යයට බලපායි. කුඩා බඩවැල් සැත්කමකින් ඉවත් කිරිමද, කැල්සියම්, විටමින් ඩී උරා ගැනීමට බාධාවකි.
අස්ථී සවිමත් කිරීමට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ රාශියකි. කැල්සියම්, විටමින් ඩී වලට අමතරව විටමින් කේ 2, මැග්නීසියම්, සින්ක්, පොටෑසියම් ද අවශ්‍යය. අස්ථිවල නිරෝගීභාවය ගැන කතා කිරීමේදී කැල්සියම් අංක එකේ වැජඹුණත්, වැඩිහිටි කාන්තාවන් පමණට වඩා කැල්සියම් ආහාර ගැනීම නම් නුසුදුසුයි. අපට කැල්සියම් ලබා ගැනීමට තිබෙන හොඳම මාර්ගය කැල්සියම් අඩංගු ආහාර ගැනීමයි. අනවශ්‍ය ලෙස පෙති ලෙසින් වැඩිහිටි කාන්තාවන් කැල්සියම් ගැනීම නුසුදුසු හදවත් රෝග වැලඳිය හැකි නිසයි.

අස්ථිවල කැල්සියම් ඇත්තේ සියයට විස්සක් පමණි. සියයට 50 ක් ඇත්තේ ප්‍රෝටීන්ය.
ප්‍රෝටීන් අස්ථිවල නම්‍යතාවට වැදගත්ය. බෝංචි, මාළු, කුකුළු මස් මඟින් ප්‍රෝටීන් ලබාගත හැකිය. කැරට්, ලූනු, ගම්මිරිස්, සුදුලූනු පාන් ආහාරයේ කොටස්කරුවන් කරගන්න.

* කිරි, කැල්සියම් ලබා ගත හැකි ප්‍රධාන මාර්ගය කර නොගන්න.
* විටමින් ඩී මේද සහිත මාළු, බිත්තර කහමද විටමින් ඩී එක් කළ කිරි හා ධාන්‍ය මඟින් ද, මැග්නීසියම් කොළ එළවළු, ධාන්‍ය, ඇට වර්ග වලින් ද, විටමින් කේ කොළ එළවළු මඟින් ද, පොටෑසියම් පලතුරු හා එළවළුවලින් ද ලබා ගත හැකිය.
* ලුණු කැල්සියම් උරා ගැනීම අඩු කරයි. එනිසා දිනකට ලුණු මි. ග්‍රෑ. 2,300 කට වඩා (තේ හැන්දකට) වඩා ගැනීම සුදුසු නැත.
* සෝඩා අධික ලෙස පානය කිරීම අස්ථි දිරාපත් කරන කරුණකි.
* සීනි, කැල්සියම්වල සතුරෙකි. සීනි, කැල්සියම් උරා ගැනීම අඩු කරයි. කැෆේන් අඩංගු කෝපි වැනි පාන ද අස්ථි කැල්සියම් නැතිකර දුබල කරයි.
* ඩයට් කිරීම අස්ථිවලට පොට වරද්දා ගැනීමකි.
* සිත් සතුට ද අස්ථි සෞඛ්‍යයට බලපායි.
* නිවැරැදි ඉරියව් කුදු ගැසුණු කොන්දක් නැතිව කොන්ද කෙළින් තබාගෙන ජීවත්වීමට උපකාර වේ. ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරුවීම ද කොන්ද වකුටු කරන හේතුවකි.
* වයස්ගත වූ කාන්තාවන්ට ආහාරවලින් ලැබෙන කැල්සියම් ප්‍රමාණවත් නැත්නම් වෛද්‍ය උපදෙස් පරිදි කැල්සියම් පෙති ගැනීමට සිදු වේ. වයස අවුරුදු තිස් ගණන්වලින් පසු කැල්සියම් උරා ගැනීම අඩු වේ.
* වයස අවුරුදු 40 පමණ සිට අස්ථි ධාරිතාව (BAMD) පරික්ෂා කරගන්න.
බෝන් මිනරල් ඩෙන්සිටි ටෙස්ට් (BAMD) ලෙස මෙය හඳුන්වයි. මෙය කිසිදු වේදනාවක් නොදැනෙන සරල පරීක්ෂාවකි. අස්ථි පිපිරීමට පෙර රෝගය හඳුනා ගැනීමට මේ පරීක්ෂණය උපකාරී වෙයි.
* කෝටිකොස්ටීරොයිඩ්ස් (ප්‍රෙඩ්නිසෝන්) වැනි ඖෂධ සති හයකට වඩා ගන්නා විට අස්ථි දුර්වල වන නිසා වෛද්‍ය උපදෙස් පරිදි වැඩිපුර කැල්සියම් ලබා ගැනීමට සිදු වෙයි.
* උකුළු ඇටය බිඳීම රෝගියකු රෝගය නිසා අත්විඳින දරුණුම ප්‍රතිඵලයයි. එනිසාම එක්තැන් වී රෝගියාගේ ආයු කාලය අකාලයේ කෙටි වේ.
* ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පෙළෙනවා නම් නොවැටී සිටීමට වගබලා ගන්න. වැටීමෙන් අනතුරු නොවන පරිසරයක ජීවත්වන්න.(උදා: ටයිල් ඇල්ලීමේදී රළු ටයිල් තෝරා ගැනීම)
* කොන්දේ වේදනාව, උස අඩුවීම, කොන්ද වකුටුවීම, පහසුවෙන් සුළු වැටීමකදී අස්ථි පිපිරීම රෝගයේ ලකුණුයි.


සන්ධි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හරිඳු විජේසිංහ

source:www.elakiri.com/forum

Wednesday, August 2, 2017

සාප්පු හා කාර්යාල සේවක පනත (පුද්ගලික අංශයේ සේවය කරන ඔබට අදාල වෘතිමය අයිතිවාසිකම් හා වගකීම්)



මුලින්ම බලමු මොකක්ද මේ පනත කියලා
මේකට කියන්නෙ 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවකයන් පිළිබඳ(සේවය හා වේතන විදිමත් කිරීමේ)පනත කියලා.පනතේ අරමුණු වෙන්නෙ සාප්පු හා කාර්යාල සේවයේ යෙදී සිටින සේවකයන්ට සේවා පහසුකම් සැලසීම,සේවා කාලයන් නියම කිරීම,අතිකාල දීමනා පිළිබඳ විධිවිධාන පැනවීම,වේතන පිළිබඳ නීතිරීති ක්‍රියාත්මක කිරීම හා පනත මගීන් ආවරණය ලබන සේවිකාවන්ට ප්‍රසූතිකාධාර පහසුකම් සැපයීම ආදී කරුණු සඳහා නීති රීති පැනවීම
 

පනතෙන් ආවරණය ලබන ස්ථාන

1.සිල්ලර හා තොග වෙළඳාම කරන ආයතන
2.ආපන ශාලා
3.ආහාරපාන හා බීම වර්ග විකුණන ස්ථාන
4.කොණ්ඩා කපන සහ සකස් කරන ස්ථාන
5.ලොන්ඩරි
6.ඡායාරූප ශාලා
7.බැංකු
8.රක්ෂණ සමාගමක කටයුතු
9.නැව් සමාගමක කටයුතු
10.සංයුක්ත ස්කන්ධ සමාගමක කටයුතු
11.බ්‍රොකර්වරයෙකුගෙ කටයුතු
12.වතු නියෝජිතයෙකුගෙ කටයුතු
13.ප්‍රචාරක නියෝජිතයෙකුගෙ කටයුතු
14.ප්‍රවාහන නියෝජිතයෙකුගෙ කටයුතු
15.ආයතන හා සමාගම් වල කටයුතු පවත්වාගෙන යාම සඳහා ස්ථාපිත කර ඇති ස්ථාන
16.වෙන්දේසි කරුවෙකුගේ,තක්සේරුකරුවෙකුගේ,මිනින්දෝරු,කෙටුම්ප ත් කාර්යාල,පෞද්ගලික පාසල්,අන්‍යෝන්ය සමිති කාර්යාල 


සේවයේ යෙදවිය හැකි අවම වයස
වයස අව්රුදු 14 අඩු කිසිදු අයෙකුව සේවයේ යෙදවීම මෙම පනත මගීන් තහනම් කරලා තියෙනවා.යම් අවස්තාවකදී බලයලත් නියෝජිතයෙකු පරීක්ෂණයට පැමිණි විටදී තමා යටතේ සේවය කරන සියලුම දෙනා වයස අව්රුදු 14 ට වැඩි අය බව සේවා යෝජකයා තහවුරු කල යුතු වෙනවා.


සේවයේ යෙදවිය හැකි කාලය
සේවකයෙකුගේ සාමාන්‍ය සේවා කාලය දිනකට පැය 08කි.මෙයට අමතරව කෑම වෙලාව වෙනුවෙන් අමතර පැයක් ලබා දියයුතු වේ.කෑම විවේකය ලබා නොදෙන්නේ නම් වැඩකල හැකි පැය ගනන පැය 05කි.මේ අනුව කෑම විවේකයද ඇතුලුව සතියක සේවා කාලය පැය 45කි.

අව්රුදු 18ට අඩු කාන්තාවන් හා 16ට අඩු පිරිමින් පෙරවරු 6.00ට පෙර සහ පස්වරු 6.00ට පසුව සේවයේ යෙදවිය නොහැක.ඒ අනුව 18ට අඩු කාන්තාවන් හා 16 ට අඩු පිරිමින් සේවයේ යෙදවිය හැක්කේ පෙරවරු 6.00 ත් පස්වරු 6.00ත් අතර කාලයේදී පමණි.

අව්රුදු 18ට වැඩි කාන්තාවන් රාත්‍රී 10.00 දක්වා හෝටලයක හෝ භෝජනාගාරයක සේවයේ යෙදවිය හැක.අව්රුදු 18 වැඩි කාන්තාවන් නේවාසික හෝටලයක දුරකතන ක්‍රියාකරවන්නියන්,පිලිගැනීමේ නිලධාරීන්,කාන්තා සහයිකාවන් වශයෙන් සේවයේ යෙදවිය හැකි අතර ගුවන්තොටුපල කාර්යාලයක රාත්‍රී කාලයේ ගොඩබිම් සත්කාර කරන්නියන් ලෙසද සේවයේ යෙදවිය හැක.
අව්රුදු 16ට වැඩි පිරිමින් හෝටලයක,භෝජනාගාරයක හෝ විනෝද ශාලාවක රාත්‍රී 10 වනතෙක් සේවයේ යෙදවිය හැකිය. 


අතිකාල දීමනා
දිනකට හෝ සතියකට නියමිත සේවා කාලය ඉක්මවා වැඩ කරන කාලය අතිකාල සේවා ලෙස සැලකේ.අතිකාල සඳහා සාමාන්‍ය වැඩකරන පැයකදී ගෙවන මුදල මෙන් 150% ක මුදලක් ගෙවිය යුතුය.පැයක වැටුප ලෙස සලකනුයේ මාසික වැටුපෙන් 240න් 1 ක ප්‍රමාණයකි.එමෙන්ම සතියක උපරිම අතිකාල පැය ගණන පැය 12 ට වඩා වැඩි නොවිය යුතුය.

සති නිවාඩුව
අතිකාල සේවාවන් හැර සතියක් තුලදී පැය 28කට නොඅඩු සේවා කාලයක් සම්පූර්ණ කල සෑම සේවකයෙකුම සතියකට, වැටුප් සහිත දින එකහමාරක සති නිවාඩුවක් හිමිය.මෙය ඉරිදා හෝ සෙනසුරාදා දිනවලදීම ලබා දිය යුතුයැයි නීතියක් පනතේ නැත.මෙම දිනය සේවක-සේව්‍ය දෙපක්ශයේ කැමැත්ත මත තීරනය කල හැක.

වාර්ෂික නිවාඩු/Annual leaves
සම්පූර්ණ වැටුප් සහිතව වසරකට දින 14ක නිවාඩු හිමිකමක් සේවකයෙකුට තිබෙනවා.නමුත් සේවයට එක්වී ගතවන පළමු වසර තුලදී මෙම නිවාඩු සඳහා හිමිකමක් ලැබෙන්නෙ නැහැ.දෙවන වසරේදී මෙම නිවාඩු සඳහා හිමිකම ලබන අතර එහිදීද සේවයට බැඳනු දිනය අනුව නිවාඩු 14 න් යම් ප්‍රමාණයක් පමණක් හිමි වෙනවා.එම නිවාඩු ලැබෙන්නෙ පහත ආකාරයටයි. 

යම් සේවකයෙකු සේවයට බැඳුනේ යම් වර්ෂයක,
අප්‍රේල් මස 01 දිනත් ජනවාරි 01 ත් අතර දිනයකදී නම් සම්පූර්ණ නිවාඩු 14ම හිමි වෙනවා.

අප්‍රේල් 01 ත් ජුනි 30 ත් අතරනම් නිවාඩු 10 ක් හිමි වෙනවා.

ජූලි 01 ත් සැප්තැම්බර් 30 ත් අතර නම් නිවාඩු 07ක් හිමි වෙනවා.

ඔක්තෝම්බර් 01 ට පසුව නම් නිවාඩු 04 ක් හිමිවෙනවා


ඔය විදියට තමයි දෙවන සේවා වසර තුලදී වාර්ෂික නිවාඩු හිමිවෙන්නෙ.තුන් වන සේවා වසරෙදි වාර්ෂික නිවාඩු 14ම හිමි වෙනවා. යම් පුද්ගලයෙකු විසින් වාර්ෂික නිවාඩු සියල්ලම ලබගෙන නැත්නම් ඉතුරු වී ඇති නිවාඩු වෙනුවෙන් ගෙවීමක් ලබාගන්න බෑ.යම් ආයතනයක් මෙ වෙනුවෙන් මුදල් ගෙවීමක් කරනවානම් ඒක නීති විරෝදී කටයුත්තක්.ඒ වගේම වාර්ෂික නිවාඩු 14න් 07ක් එක දිගට ලබා ගැනීමේ අයිතියක් සේවකයෙකුට තියෙනවා.

අනියම් නිවාඩු
යම් සේවකයෙකුට බලාපොරොත්තු නොවූ සිදුවීමකට මුහුන පෑමට සිදුවූ විටකදී ලබා ගැනීම සඳහා අතිරේක දින 07 ක නිවාඩු හිමිකමක් තිබෙනවා.යම් සේවකයෙකුට සේවයට එක්වූ පලමු වසර තුලදී සම්පූර්ණ කරන ලද මාස දෙකකට 01 බැගින් අනියම් නිවාඩු හිමිකම ලැබෙන අතර දෙවන වසරේ සිට දින 07ක අනියම් නිවාඩුවක් හිමි වෙනවා.යම් පුද්ගලයෙක් මේ නිවාඩු 07 අදාල වසර තුලදී ලබා ගත්තෙ නැත්නම් ඒවා ඊලඟ වසරට එකතු කිරීම හෝ යම් ගෙවීමක් ලබා ගන්න බෑ.

ප්‍රසිද්ධ නිවාඩු
රජය මගීන් ප්‍රකාශිතයට පත් කරන ලද වෙළඳ නිවාඩු දිනයන්,ප්‍රසිද්ධ නිවාඩු දිනයන් ලෙස සැලකේ.මම දවස් වසරකට 09 ක පමණ ඇත.මේ තියෙන්නෙ එව්වා.
1.තෛපොන්ගල් දිනය
2.ජාතික දිනය
3.සිංහල හින්දු අලුත් අව්රුද්දට පෙර දිනය
4.සිංහල හින්දු අලුත් අව්රුදු දිනය
5.මැයි දිනය
6.වෙසක් පුර පසලොස්වක දිනයට පසු දිනය
7.ජාතික වීර දිනය
8.නබි තුමාගේ උපන් දිනය
9.නත්තල් දිනය


මෙම නිවාඩු දින 09 ම කාර්යාල හා සාප්පු සේවකයිනට හිමි වන අතර කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව මෙම නිවාඩු දිනයන්හීද සේවකයන් සේවයේ යෙදවිය හැකිය.එහෙත් එසේ සේවයේ යොදවන සේවකයින් හට වැටුප් සහිත වෙනත් නිවාඩු දිනයක් එම වර්ෂයේ දෙසැම්බර් 31 වනදාට පෙර ලබාදිය යුතු අතර ප්‍රසිද්ධ නිවාඩු දිනයක සේවකයෙකු සේවයේ යෙදවීම වෙනුවෙන් එම දිනය සඳහා සාමාන්‍ය දිනක වේතනය මෙන් දෙගුණයක් එම සේවකයා හට ගෙවිය යුතුය.

පෝය නිවාඩුව
පසලොස්වකපෝය දිනය වැටුප් සහිත නිවාඩු දිනයක් ලෙස සැලකේ.පෝය දිනයන්, සති නිවාඩු දිනයක යෙදුනහොත් ඒ වෙනුවට අතිරේක නිවාඩු ලබා ගැනීමට ප්‍රතිපාදන සලසා නොමැත.

ප්‍රසූතිකාධාර/ප්‍රසූත නිවාඩු
මෙම විධි විධානයන් බොහෝ දුරට ප්‍රසූතිකාධාර ආඥා පනතේ වූ විධිවිධාන වලට සමානය.එහෙත් සාප්පු හා කාර්යාල සේවක පනත යටතට ගැනෙනා සේවිකාවන්ට හිමිවනුයේ ප්‍රසූත නිවාඩුය.පනතේ 18 වන වගන්තියේ 'අ' උප වගන්තියේ සිට 'ඌ' උප වගන්තියේ සඳහන් වන්නේ ප්‍රසූත නිවාඩු වලට අදාල නියමයන් වේ. 

මෙම පනත යටතට ගැනෙන සේවිකාවන් තමා ප්‍රසව අවස්ථාවට එලඹෙන බව දින 14කට පෙර සේවා යෝජකයාට දැන්විය යුතු අතර සේවා යෝජකයා විසින් ඇයගේ නිවාඩු අනුමත කලයුතුය.

මෙම සේවිකාවන් හට පළමු සජීවී දරු උපත් දෙක සඳහා එක් වතාවකට වැඩ කරන දින 84 ක බැගින් වැටුප් සහිත නිවාඩු දින සඳහා හිමිකම් ඇත.සජීවී දරු උපත් දෙකකින් පසුව උපදින දරුවන් සඳහා එක් ප්‍රසූතයකදී දින 42ක නිවාඩුවක් හිමිය.මෙම නිවාඩු වලට අමතරව එම කාලය තුල යෙදෙන සති,පෝය හා ප්‍රසිද්ධ නිවාඩුද හිමිය.


රු ප්‍රසූතියට තෙමාසයකට පෙර හා තෙමාසයකට පසු කාලය තුල දරුවාට හෝ මවට අනතුරුදායක වන කිසිදු කටයුත්තක සේවිකාව යෙදවීම සේවායෝජකයා විසින් කිසි සේත්ම නොකල යුතුය.

ප්‍රසූතය නිසා හෝ දරුවෙකු පිළිසිඳ ගැනීම හේතුවෙන් සිදුවිය හැකි කවර ආකාරයේ රෝගී තත්වයක් හේතුවෙන් සේවිකාවක් සේවයෙන් පහකිරීම කල නොහැක.යම් විටක සජීවී දරු උපතක් නොවී මළ දරු උපතක්,කලල රූපයක් හෝ ප්‍රසූත කල විටද එම සේවිකාවන්ටද ප්‍රසූත නිවාඩු හිමිකම ඇත.මේ සඳහා කලල රූපයක් පහත සඳහන් කරුණු සම්පූර්ණ වශයෙන් සපුරා ඇති බවට සෑහීමකට පත් විය යුතුය.

1.සති 28ක් වයස් ගත වීම.
2.අවම වශයෙන් අඟල් 12ක් දිග වීම
3.අවම වශයෙන් රාත්තල් 02ක් බරැති වීම.



ශුභසාධන පහසුකම්

1.ආලෝකය හා වාතාශ්‍රය සෑහෙන ප්‍රමාණයට ආයතනයතුලට වැටෙන්නට සැලැස්විය යුතුය.
2.ස්ත්‍රී,පුරුෂ දෙපාර්ශවයටම වෙනවෙනම වැසිකිලි පහසුකම් හා සේදීමේ පහසුකම් සැපයිය යුතුය.
3.කෑම ගැනීම සඳහ සුදුසු ප්‍රමාණවත් ඉඩ පහසුකම් සැපයිය යුතුය.
4.සේවයේ නියුක්ත කාන්තාවන් වෙනුවෙන් අවම වශයෙන් තිදෙනෙකුට එකක් වශයෙන් ආසන පහසුකම් තිබිය යුතුය.මෙම නියමය අදාල වන්නේ සාප්පු සේවිකාවන් සඳහා පමණි.


උපුටා ගැනීම :- www.elakiri.com/forum
මෙම ලිපියේ අයිතිය මුල් කතෘ සතුයි.

Monday, April 24, 2017

බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසදේ?



නම ඇසූ පමණින් අතභූත බව දනවන බර්මියු ඩා තිකෝණයේ අභිරහස් ලෙස ගුවන්යානා, නැව් දුසිම් ගණනින් අතුරැදහන් වීමට හේතුව තමන් විසින් සොයාගත් බව කාලගුණ විදයාඥයින් පිරිසක් අනාවරණය කර තිබෙනවා. ඔව්නට අනූව බර්මියුඩා තිකෝණයේ ඉහල අහසේ හිටිහැටියේ ඇතිවන අමුතු ආකාරයක වලාකුළු නිසා මෙය සිදුවෙනවා.

මෙම අද්විතීය නව සංකල්පයට අනූව මෙම අමුතු ආකාරයේ වලාකුළු සමග "වායු බෝම්බ" ලෙස හැඳින්විය හැකි පැයට සැතපුම් 170 ක පමණ වේගයෙන් ඇදීයන වායුධාරා වලට ගුවන්යානා සහ නැව් ගිල දැමීම අපහසු දෙයක් නොවන බවයි පැවසෙන්නේ.

ඔවුන් මෙම අනාවරණය සඳහා රේඩාර් සහ චන්දිකා ඡායා රෑප රැසක් යොදාගන්නා ලද අතර එහිදී අත්භූත ෂඩසාකාර සැතපුම් 20 සිට 50 දක්වා පරාසයක පැතිරැන වලාකුළු අනාවරණය කරගෙන තිබෙනවා.

කාලගුණ විදයාඥයින්ට අනූව මුහුදේ ඇතිවන මෙම ෂඩසාකාර වලාකුළු වායු බෝම්බ වැනි වන අතර මෙම වලාවන් අතරින් වාතය පහලට පුපුරා අවුත් මුහුදේ පතිත වන්නේ පැයට සැතපුම් 170ක් පමණ වේගයකිනි.

ශතවර්ෂ ගණනාවක් තිස්සේ අත්භූත පුවත් මැවූ බර්මියුඩා තිකෝණය ඉතා විශාල පමාණයක් නැව් සහ ගුවන් යානා අත්භූත ලෙස අතුරැදන්වීම සම්බන්ධයෙන් පචලිතවී තිබෙනවා. දැන් මෙම රහස අනාවරණ ය වී ඇති බවයි සැලකෙන්නේ.