Wednesday, December 28, 2016
ඉක්කා වැටීම (Hiccups) පිළිබඳ ඔබ දැනුවත්ද?
ඉක්කා වැටීම යනුවෙන් අදහස් කරන්නේ කවර තත්වයක්ද?
මෙය ඉබේම සිදුවන මහා ප්රාචීරයේ හදිසි හැකිලීම් නිසා ඇතිවන අතර මේත් සමග ස්වර තන්ත්ර එකවර වැසී යාම නිසා ඊට ආවේනික වූ හඩක් ඇතිවේ.
මෙය සාමාන්‍යයෙන් විශේෂ හේතුවක් නොමැතිව ඕනෑම කෙනෙකුගේ ඇතිවිය හැකි අතර අලුත උපන් දරුවන්ගේ විශේෂයෙන් දැකිය හැකිවේ.
ඇතිවීමට හේතු මොනවාද?
බොහෝ විට මේ සදහා හේතු සොයා ගත නොහැක.
නමුත් පිරුණු ආමාශය මේ සදහා හේතුවිය හැක.
එනම් ආහාර වැඩිපුර ගැනීම, මද්‍යසාර අදිකලෙස පානය, දුම්පානය, මානසික පීඩනය සහ අමාශයේ උෂ්ණත්වය හදිසියේ වෙනස් වන පානයන් ගැනීම නිසා.
කලාතුරකින්
මොලයේ ඇතිවන රුධිර වහනයක් හෝ මොලය ආශ්රිතය ඇතිවන ගෙඩියක් තිබීම.
පෙනහලු ආශ්‍රිතව ඇතිවන විෂ බීජ තත්ව (නියුමෝනියා තත්ව)
උදරය ආශ්‍රිතව කරනු ලබන ශල්‍යකර්ම නිසා විය හැක.
කොතරම් වෙලා තිබිය හැකිද?
සාමාන්‍යයෙන් මෙවැනි තත්වයක් විනාඩි කිහිපයකින් පසුව යන අතර කලාතුරකින් අවස්ථාවක මෙය දවස් කිහිපයක සිට මාස ගණනක් දක්වා එකදිගට පැවතිය හැක.
නිවසේදී කල හැකි මූලික ප්‍රථිකාර ක්‍රම මොනවාද?
මේ සදහා කල හැකි නිෂ්චිත ක්‍රමයක් නොමැත.
නමුත් පහත දැක්වෙන ක්ම මගින් යම් සහනයක් ඇතිවනු ඇත.
සිසිල් වතුර වීදුරුවක් පානය කිරීම.
සීනි හැන්දක් පමණ ආහාරයට ගැනීම.
හුස්ම හැකි තරම් වේලාවක් ඉහලට අල්ලාගෙන සිටීම.
සිලි උරයක් තුලට ටික වේලාවක් හුස්ම ගැනීම.
වෛද්‍යවරයකු හමුවිය යුත්තේ
ඉහත ක්‍රම මගින් පාලනය නොවී දින කිහිපයක් ඉක්කා වැටීම පවතින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම යෝග්‍ය වේ.
උපුටා ගැනීම: www.dosthara.com
Sunday, December 25, 2016
රත්‍රං පිලිබද මේ කරැණු ඔබ දැන සිටියාද?
රත්‍රං යනු අප කවුරැත් ඇසූ පමණින්ම දන්නා දෙයකි. නමුත් මේ රත්‍රං ගැන වැඩි දෙනා නොදත් දේ ගැන කතා කරන්න තමයි අද අපි සූදානම් වෙන්නෙ. රත්‍රං ඉතිහාසයේ බෝහෝ කාලයක සිට වටිනා ලෝහයක් ලෙස ප්‍රචලිතව පවතිනවා. මේ වටා විද්‍යාත්මක මෙන්ම මිත්‍යා මත බොහෝමයක් ද බැදී පවතිනවා. ඇත්තටම මොකද්ද මේ රත්‍රං යන ලෝහය? ඇත්තටම එය වටිනාකමින් යුක්තද?
මුලින්ම අප මෙහි විද්‍යාත්මක ස්වභාවය සලකා බලමු.
මුලින්ම අප මෙහි විද්‍යාත්මක ස්වභාවය සලකා බලමු.
- මෙය ආවර්තිතා වගුවේ 79 වැනි මූලද්‍රව්‍යයයි.
- මෙහි ආවර්තිතා සංඛෙතය Au වේ.
- මෙහි පරමාණුක භාරය 196.9665 ක් වේ.
- මෙහි ඝණත්වය ඝණ සෙන්ටිමීටරයකට ග්‍රෑම් 19.3 ක් වෙනවා.
- කාමර උෂ්ණත්වයේදී ඝණ තත්වයෙන් පවතිනවා.
- රත්‍රං වල ද්‍රවාංකය සෙන්ටිග්‍රේඩ් අංකශක 1064.18 ක් වන අතර වාෂ්පාංකය සෙන්ටිග්‍රේඩ් අංකශක2850ක් වෙනවා.
ඉතිහාසය
දැනට වාර්තාගත ඉතිහාසයට අනූව රත්‍රං වල භාවිතය ක්‍රි. පූ. 4000 දක්වා පමණ වන අතීතයක් දක්වා දිවයන අතර යුරෝපයේ සිට ආසියාව දක්වා ලෝකය පුරා සෑම මහද්විපයකම ඉතා ඉහල වටිනාකමකින් යුක්තව භාවිතා වී ඇති බව සටහන් වෙනවා.
කැරට් යනු කුමක්ද?
රත්‍රං ආභරණ සාදන විට පිරිසිදු රත්‍රං භාවිතා කරන්නේ නැහැ. රත්‍රං වල පිරිසිදු බව මනින ඒකකය "කැරට්" ලෙස නම් වෙනවා. පිරිසිදු රත්‍රං කැරටි 24 ලෙස අපි කවුරැත් දන්නවා. මෙම කැරට් 24 ලෙස සදහන් ලෝකයේ පිරිසිදුම රත්‍රං වල පිරිසිදු බව 99.95 ලෙසයි පිළිගනු ලබන්නේ.
ආභරණ සෑදීමේදි මෙම පිරිසිදු රත්‍රං වලට වෙනත් ලෝහයන් එක් කිරීම මගින් දෘඩ භාවය ලබා ගන්නා අතර එහි පිරිසිදු බව අවම වෙනවා. ඒවා පිලිවෙලින් කැරට් 22, 18, 14, 12, 10 ලෙස දැක්විය හැකියි. මෙම රත්‍රං බාල කිරීම සදහා රිදී හා තඹ ලෝහ යොදා ගන්නවා.
උදාහරණ :
- කැරට් 22 සදහා රත්‍රං 91.7% ක් හා අනෙක් ලෝහ 8.3% ක් යොදා ගනු ලබයි.
- කැරට් 18 සදහා රත්‍රං 75% ක් හා අනෙක් ලෝහ 25% ක් යොදා ගනු ලබයි.
- කැරට් 14 සදහා රත්‍රං 58.5% ක් හා අනෙක් ලෝහ 41.5% ක් යොදා ගනු ලබයි.
- කැරට් 12 සදහා රත්‍රං 50% ක් හා අනෙක් ලෝහ 50% ක් යොදා ගනු ලබයි.
- කැරට් 18 සදහා රත්‍රං 41.7% ක් හා අනෙක් ලෝහ 58.3% ක් යොදා ගනු ලබයි.
රත්‍රං වෙළද පොල තුල සුදු, කහ සහ රතු පැහැයෙන් පවතින අතර මෙම පැහැය රත්‍රං වලට අමතරව යොදා ගන්නා ලෝහ වල ප්‍රතිශතය අනූව තීරණය වෙයි.
ඔබ දන්නවාද?
- ලෝකයේ රන් ආකර වලින් තුනෙන් දෙකක්ම දකුණු අප්‍රිකාවේ පිහිටා ඇති බව
- ලෝකයේ රන් සැපයුමෙන් 78%ක් ස්වර්ණාභරන සදහා සහ ඉතිරිය ඉලෙක්ට්‍රොනික උපකරණ සදහා සහ දන්ත හා වෛද්‍ය කටයුතු සදහා යොදාගන්නා බව
- රත්‍රං වල පරමාණුක සංඛේතය වන Au ලතින් බසින් රත්‍රං සදහා වන aurum යන්නෙන් සැදුනක් බව
- ගගණ ගාමීන්ගේ හිස් වැසුම් වල වයිසරය රන් ආලේපිත බව (හිරැගෙන් නිකුත් වන පාරජම්බූල කිරණ වලට නිරාවරනය වීම රත්‍රං මගින් වලකයි)
- ගොල්ෆ් බෝලයක් තරම් වන ලොව විශාලතම රත්‍රං ක්රිස්ටලය වෙනිසියුලාවෙන් හමුව ඇති අතර එය ග්‍රෑම් 217.78 බර අතර ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක් පමණ වටිනා බව
- භූකම්පන් මගින් රත්‍රං නිපදවෙන බව
- වාර්තා වන අන්දමට ලෝකයේ ප්‍රථම පිරිසිදු රන් කාසිය ආසියාවේ කුඩා රජ්‍යයක් වු ලිඩියා නම් රාජ්‍යයේ ක්‍රි. පූ 560 දී පමණ නිපද වූ බව
- ලෝකයේ අති සුපිරි හෝටල් වල ඉතා ඉහල මිල ගණන් යටතේ රත්‍රං යෙදූ ආහාර විකුණන බව සහ හානියකින් තොරව රත්‍රං අනුභව කල හැකි බව
Friday, December 23, 2016
"ලේ" පිළිබඳ මේ කරැණු ඔබ දැන සිටියාද?
අද අපි කතා කරන්න යන්නේ රැධිරය පිළිබඳ වැදගත් කරැණු කාරණා ගණනාවක් ගැනයි. දැනට සොයාගෙන ඇති පරිදි මිනිස් සිරැරේ සහ තවත් බොහෝ සතුන්ගේ සිරැරැ තුල රැධිරය ඉතා වැදගත් මෙහෙයක් සිදුකරන අතර සෛල වලට ඔක්සිජන් සහ වෙනත් පෝ්්්ෂය පදාර්ථ පරිවහනයට දායක වේ.
- රැධිරය මිනිස් සිරැරේ බරෙන් 7% ක් පමණ නියෝජනය වේ.
- රැධිරය තුල රතු රැධිරාණු, සුදු රැධිරාණු හා පට්ටිකා අඩංගු වේ.
- මෙම රැධිර සෛල රැධිර ප්ලස්මාව නම් දියරයක් තුල පාවෙමින් පවතී. රැධිර ප්ලස්මාව පෝෂපදාර්ථ, වායු, පෝටීන, ග්ලූකෝස් හා හෝමෝන වලින් සමන් විත වේ.
- රැධිර ප්ලස්මාව යන්තරයක් මගින් රැධිර සෛල වලින වෙන් කර ගත හැකිය.
- රැධිර සෛල සිරැර තුල ඹක්සිජන් පරිවහනය සඳහා විශේෂ කාර්යයක් සිදු කරයි. රැධිර සෛල තුල හිමොග්ලොබින් නම් පෝටීනයක් අඩංගු වන අතර එහි ඔක්සිජන් හා බැඳුන යකඩ ඇති අතර එමගින් රැධිරයට රතු වර්ණය ලබා දේ.
- රතු රැධිර සෛල ඇට මිදුලු තුල නිපදවෙන අතර දින 120 ක් පුරාවට සිරැරේ සංසරණය වේ.
- සුදු රැධිරාණු පතිශක්තීකරණ පද්දතියේ වැදගත් අංගයක් වන අතර සිරැර බැක්ටීරියා සහ වෛරස් ආසාධන, පිළිකා සෛල, ආසාධනය පල රෝග හා වෙනත් සිරැරට අනවශය දෙයින් ආරක්ෂා කර දෙයි.
- පට්ටිකා මගින් රැධිරය කැටි ගැසීමට අවශය රැධිර කැටි නිපදවයි. මෙම කැටි මගින් සමහර අවස්ථාවලදී සෘණාත්මක බලපෑම් ඇති කරයි. මෙවැනි කැටි මොළය ආශිතව ඇති වීමෙන් ආඝාතය ඇතිවිය හැකි අතර හෘධයආශිතව ඇතිවීමෙන් හෘධ ආබාධ ඇති විය හැකිය.
- රැධිරය මගින් සෛල වලට අවශ්‍යය වැදගත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරනා සේම සෛල වල ඇති බහිස්රාවී ද්‍රව්‍ය සෛල වලින් බැහැර කිරීමටයද දායක වේ.
- දැනට රැධිර ඝන 30ක් පමණ හදුනාගෙන ඇත. නමුත් සරල ලෙස මේවා O, A, B හා AB ලෙස වර්ග කර ඇත. ඔබගේ රැධිර ඝනය කුමක්දැයි ඔබ දන්නවාද?
- බහුතර පරිත්‍යාගශීලී මිනිසුන් සෑම වසරකම රැධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන අතර මෙම පරිත්‍යාග මගින් විශාල රෝගීන් පිරිසකගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකිවී තිබෙනවා.
- විවිධ කරැණු මගින් රැධිර පරිත්‍යාගශීලීන් සීමා කෙරෙනවා. රැධිරය ලබා ගැනීමට පෙර පරීක්ෂණ මාලාවක් සිදු කරන්නේ රැධිරය මගින් බෝවන රෝග වැලැක්වීමට මෙන්ම පරිත්‍යාග කරන පුද්ගලයාගේ සිරැරේ රැධිරය යලි නිපදවීමට ගතවන කාලයද සැලකිල්ලට ගනු ලබනවා.
- මිනිස් සිරැරේ ජීවය පිළිබද එක් ප්‍රධාන සලකුණන් වන්නේ රැධිර පීඩනයයි. මෙය සිරැරේ සංසරණය වන රැධිරය, රැධිර නාල බිත්ති මත ඇති කරන පීඩනය මගින් මනිනු ලබනවා. සාමන්‍ය පුද්ගල රැධිර පීඩනය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර සාමාන්‍යයක් ලෙස 120/80 mmhg ලෙස සැලකෙනවා. අධි රැධිර පීඩනය පුද්ගලයෙකුට අඝාතය සහ හෘධ ආබාධ ඇති වීමේ අවධානම වැඩිකරනවා.
Wednesday, December 21, 2016
ලොව පැරණිම ජල සාම්පලය සොයා ගැනේ.
ලොව ඉපැරණිම ජල සාම්පලය තමන් විසින් සොයාගත් බව කැනඩාවේ ගැඹුරැ පතලක කැණීම් කටයුතු කරගෙන යන පරීක්ෂණ කණ්ඩායමක් විසින් පසුගිය සතියේ අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර පැවති සමුලුවකදී ෙහලි දරව් කොට තිබෙනවා. මෙම ජල සාම්පල වසර බිලියන 2 ක් අාසන්න වශයෙන් පැරණි බවයි ඔවුන් පවසා සිටින්නේ.
විදුදරයන්ට අනූව ජලය පොළව මට්ටමෙන් බොහෝ ගැඹුරේ ද පවතින අතර මෙම ජල සාම්පල සාමානය ජල තාකයෙන් වෙන්ව වසර බිලියන ගණනක් තිස්සේ නොඉඳුල්ව පැවති බව පැවසෙනවා. මෙවැනි ජලය පිලිබඳ අද්‍යනය කිරීමට පරයේෂණ කණ්ඩායම් පතල් කැණීම් සහාගම් සමග සම්බන්ධව කටයුතු කරනවා. මෙම පතල් කරැවන් ගැඹුරට විනිවිද යන තරමට පර්යේෂකයන්ට වැඩි වැඩියෙන් මේ ගැන සෙවීමට අවස්ථාව ලැබෙනවා. මීට ඉහතදී සොයාගත් පැරණිම ජල සාම්පල ද මෙම කණ්ඩායම විසින් 2013 වසරේ දී සොයාගනු ලැබුවා. එම සාම්පල පොළව මට්ටමෙන් කිලෝ මීටර2.4 ක් පමණ ගැඹුරේ දී සොයාගත් අතර දලවශයෙන් වසර බිලියන 1.5 ක් වත් පැරණි බව කියවෙනවා. පොළව මට්ටමේ සිට කිලෝ මීටර 3 ක් පමණ ගැඹුරෙන් සොයාගත් නව ජල සාම්පලවල වයස නිෂ්චිතවම සෙවීම සඳහා පර්යේෂණ සිදුකරන බවත් හෙලිකර තිබෙනවා.
ලෝකයේ උසම නත්තල් ගස්
නත්තල කිව්වම ඉස්සල්ලම මතක් වෙන දෙයක් තමයි නත්තල් ගහ. මෙහි ඉතිහාසය ඉතා ඈතට දිවයනවා. අද මම කතා කරන්න සූදානම් වෙන්නෙ ලෝකයේ උසම නත්තල් ගස් ගැන. නමුත් මතක තියා ගන්න ඕන තව ටික දවකින් මේ වාර්තා සියල්ලම බිදලා දාන්න අපේ රටෙ සූදානම් බව. ඒක ඉදි වෙන්නෙ ගාලු මුවදොර පිටියේ එහෙම නැත්තම් අපි ඔක්කොම දන්න විදිහට Gallface Ground එකේ. එහි උස අඩි 295 ක් විතර කියලා තමයි සදහන් වෙන්නෙ. දැන් අපි බලමු මොනවද ලොකෙ උසම නත්තල් ගස් කියලා.
- ඇමරිකාවේ වොෂිංටන් අගනුවර (අඩි 30) - මෙම නත්තල් ගස ඇමරිකාවේ ධවල මන්දිර උද්‍යානයේ ඉදිව තිබූ අතර ලොව බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමරිකානු ජනපතිවරයා හා ඔහුගේ පවුලේ අය විසින් විවෘත කරනු ලැබ ඇත. මේ සදහා LED බල්බ් වැල් 450 ක් සහ තරැ හැඩැති අලංකරණ සැරසිලි 120 ක් පමණ යොදා ගෙන තිබෙනවා.
- ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර (අඩි 50) - සූරිච් නුවර නත්තලේ අභිමානය විදහා දැක්වූ මෙම නත්තල් ගස සැරසීම සදහා වීදුරැ වලින් නිර්මිත ක්‍රිස්ටල් 7000කට අධික ප්‍රමානයක් යොදාගෙන තිබුනා. මෙය සූරිච් නුවර ප්‍රධාන දුම්රිය පොල අසල පිහිටුවා තිබුනා
- එංගලන්තයේ ලන්ඩන් නුවර (අඩි 65.6) - 1947 වසර සිට සෑම වසරකම නෝර්වේ රාජ්‍යයෙන් දෙවන ලෝක යුද්ධයේදි දැක්වු සහයට කෘතගුණ සැලකීමක් ලෙස අලංකාර නත්තල් ගසක් එංගලන්තයට ප්‍රධානය කරනවා. ලන්ඩන් නුවර ට්රැෆල්ගා චතුරස්රයේ පිහිටුවන මෙම නත්තල් ගසේ පැමිණීම බහුතර ලන්ඩන් වැසියන් තම නිවාඩු කාලයේ ආරම්භය ලෙස සලකනවා.
- ඔිස්ට්රලෙියාවෙ සිඩ්නි නුවර (අඩි 69) - 1937 වසරේ සිට සිඩ්නි වැසියන් මෙම ඉතා විශාල නත්තල් ගස ඉදි කිරීමෙන් නත්තල සමරන අතර මේ සදහා අලංකාර වර්ණවත් ෆ්ලෝරසන්ට් විදුලි බල්බ 59000 ක් පමණ යොදා ගැනෙන බව තමයි සදහන් වෙන්නේ.
- ප්‍රංශයේ පැරිස් නුවර (අඩි70) - ලෝකයේ ආදර වන්තයන්ගේ පාරාදීසය ලෙස සැලකෙන ප්‍රංශයේ පැරිස් නුවර Belle Epoque ගොඩනැගිල්ල තුල ඉදිවන මෙම අලංකාර නත්තල් ගස ක්‍රිස්ටල් වලින් අලංකරණය කර තිබෙන අතර නත්තලට ආදරය කරන්නන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු දෙයක් ලෙස සලකනවා.
- පැරගුවේ (අඩි 72) - පැරගුවේ පරන නගර චතුරස්රයේ පිහිටුන මෙම ගසත් අති අලංකාර එකක් ලෙස සලකන අතර අලංකාර විදුලි සැරසිලි වලට අමතරව 100 කට අධික ඉගුරැපාන් මිනිසා හැඩැති සැරසිලි වලින්ද සමන්විත වෙනවා.
- නිව් යෝර්ක් නුවර (අඩි 80) - මෙය සුප්‍රසිද්ධ හොලිවුඩයේ සංකේතය ලෙස ඉදිවන අතර මෙය පුරාවටම Swarovski crystals වලින් අති අලංකරණය කර තිබෙනවා.
- ඇමරිකාවේ ෆීනික්ස් (අඩි 110) - මෙය ලොව උසම ස්වභාවික නත්තල් ගස ලෙස වාර්තා පොත් වලට එකතු වන අතර මෙම ශාකය කපා ඉවත් කරන විට එ් වෙනුවට නව පැල 12 ක් රෝපණය කරනු ලබනවා.
- ජර්මනියේ ඩෝර්මන්ඩ් නුවර (අඩි 145) - මෙය හුදෙක්ම එක නත්තල් ගසක් නොව වෙන වෙනම සාදන ලද නත්තල් ගස් 1700 ක පමණ එකතුවක් ලෙස සැලකෙනවා. මෙම ගස දහස් ගණන් විදුලි බල්බ සහ ඉටි පන්දම් මගින් අති අලංකාර කර තිබෙනවා.
- බ්‍රසීලයේ රියෝ ඩි ජැනැයිරෝ නුවර (අඩි 278) - මෙය තරමක් අසාමාන්‍ය නත්තල් ගසක් වන අතර මෙය භුමියේ ඉදිකර නැහැ. මෙය ඉතා පුදුම ලෙස පාවෙන නත්තල් ගසක් ලෙස ඉදිකර තිබෙනවා. මෙය අලංකරණය සදහා විදුලි බල්බ මිලියන 3.3ක් පමණ යොදාගෙන තිබෙනවා. මෙය දැනට ලෝකයේ විශාලතම පාවෙන නත්තල් ගස ලෙස ගීනස් වාර්තා පොතට එකතු වී තිබෙනවා.
Subscribe to:
Comments (Atom)





