Tuesday, November 26, 2019

“අප්‍රිකාවේ තරුව” හ‌ෙවත් ල‌ෝකය‌ේ ල‌ොකුම දියමන්තිය




අපි හැම‌ෝම දන්නවා දියමන්ති කියන්න‌ෙ ක‌ොච්චර වටින ද‌ෙයක්ද කියල. සාමාන්‍යය‌ෙන් කැරට් 1 ක දියමන්තියක් (කැරට් යනු මැණික් වර්ග වල බර කිරීමට උපය‌ෝගී කර ගන්නා මිණුම් ඒකකය වන අතර කැරට් 1 ක් 0.200 මිලි ග්‍රෑම් වලට සාමාන ව‌ෙි.) ල‌ෝක ව‌ෙළදප‌ොල‌ේ සාමාන්‍යය‌ෙන් ඇමරාකානු ‌ඩ‌ොලර් 3000 ත් 26000 ත් අතර මිලකට අල‌ෙවි ව‌ෙි. ඉතින් අද අපි නැවුම් ල‌ෝකය‌ෙන් කියන්න හදන්න‌ෙ ල‌ෝකය‌ේ ල‌ොකුම දියමන්තිය පිළිබදව විස්තරයක්.

“අප්‍රිකාවේ තරුව” නොහොත් කලිනන් දියමන්තිය ලෙස හැඳින්වෙන ලොව විශාලතම දියමන්තිය රාත්තල් 1.3 ක බරකට හ‌ෙවත් කැරට් 3,106 ක් පමණ බරකින් යුක්ත ව‌ෙනවා. මෙම දියමන්තිය මුලින් සොයාගනු ලැබුවේ 1905 වර්ෂය‌ේ දී දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි ප්‍රිමියර් පතලේ තෝමස් ඉවාන් පවෙල් විසිනි. හුදෙක් සේවකයෙකු ලෙස ස‌ේවය කළ පවෙල් විසින් දියමන්තිය පතලේ අධීක්ෂකවරයා වූ ෆ්‍රෙඩ්රික් වෙල්ස් වෙත ලබා දුන්නේ එය සමඟ කළ යුතු දේ පිළිබඳ වඩා හොඳ දැනුමක් ලබා ගැනීම සඳහා යි. මෙම දියමන්තිය ස‌ොයා ගැනීමේ ක්‍රියාවලිය‌ේ කිසිදු ආකාරයකින් විශේෂ නොවීය. පවෙල් එය සොයාගත්තේ අඩි දහඅටක් පහළින් කරන ලද සාමාන්‍ය පරීක්ෂණයකදීය. ඊටත් වඩා ආකර්ෂණීය කරුණ වනුය‌ේ දියමන්ති පතල විශාල වුවත් එය කිසිසේත් ලෝකයේ විශාලතම දියමන්ති පතල නොවීමයි. ඇත්ත වශයෙන්ම, එය ල‌ොව විශාලතම පතල් දහය  ලැයිස්තුවේ පවා නොවීය. මෙම ආරංචියත් සමගම, දියමන්ති ප්‍රමාණය හා පතලේ කුඩා බව නිසා ඉතා ඉක්මණින් ම මුද්‍රිත මාධ්‍යය‌ේ අවධානය දිනා ගැනීමට සමත් වුනා. ම‌ෙි නිසා ම‌ෙම ප්‍රවෘතිය ඉතා ඉක්මණින්ම ල‌ෝකය පුරා පැතිරී ගියා.

කලිනන් යන නම පැමිණියේ පතලේ හිමිකරුගෙනි. වෙල්ස් විසින් විශාල දියමන්තිිිය ශ්‍රීමත් තෝමස් කලිනන් වෙත ඉදිරිපත් කළ අතර එම දියමන්තිය පතලේ හිමිකරු වූ කලිනන් නමින් පසුව නම් කළේය. මෙම දියමන්තිය තමාට තබා ව‌ෙත ගැනීම වෙනුවට කලිනන් විසින් දියමන්ති ට්‍රාන්ස්වාල් පළාත් රජයට විකුණා දැමූ අතර පසුව ඔහු සිය 66 වන උපන්දිනය වෙනුවෙන් තෑග්ගක් ලෙස දියමන්තිය VII වන එඩ්වඩ් රජුට ලබා දුන්නේය. 

කලිනන් දියමන්ති නමය

දියමන්ති එංගලන්තයට රැග‌ෙන යාම‌ෙන් පසු රජතුමා එය එවකට ලෝකයේ වඩාත්ම කීර්තිමත් දියමන්ති කපනන්ගෙන් ක‌ෙන‌ෙක් වන ඇම්ස්ටර්ඩෑම්හි ජෝශප් ඇෂර් වෙත යවන ලදි. දියමන්තී කැපීම අතින් අතිශයින්ම දක්ෂ හා පළපුරුදු වුවද, කලිනන් දියමන්තිය ඔහුට පහසු කාර්යයක් නොවීය. ඒ වෙනුවට ඔහු තනි කප්පාදුවක් කිරීමට පෙර දියමන්ති වල සියලුම අංග අධ්‍යයනය කරමින් මාස හයක් ගත කළේය. ක‌ෙ‌ස‌ේ ව‌ෙතත් අවසානය‌ේ ඔහු ඉතා අනර්ඝ ල‌ෙස දියමන්තිය කපා ඔබ දැමීමට සමත් විය.

බ්‍රිතාන්‍ය රාජකීය යෂ්ටිය
කලිනන් දියමන්තිය තනි දියමන්තියක් ව‌ෙනුුුුවට එය විශාල ගල් නවයකට හා කුඩා 100 කට ආසන්න ගණනකට කපා ඇත. කෙසේවෙතත්, මෙම කැපීම වටිනාකම අඩු නොවන අතර සියලු ගල්වල වටිනාකම ඩොලර් මිලියන ගණනි. “අප්‍රිකාවේ තරුව I” නැතහ‌ොත් “කලිනන් I” යනු මුල් කලිනන් දියමන්ති වලින් පැමිණි විශාලතම දියමන්තියයි. කැරට් 530 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති මෙම දියමන්තිය ලොව විශාලතම වර්ණ රහිත දියමන්ති වේ. මීට අමතරව, 1985 දී ප්‍රිමියර් පතලෙහි ගෝල්ඩන් ජුබිලි දියමන්තිය සොයා ගන්නා තෙක් එය ඕනෑම වර්ණයක විශාලතම ඔප දැමූ දියමන්තිය විය. අද, දියමන්තිය පිහිටා ඇත්තේ බ්‍රිතාන්‍ය රාජකීය යෂ්ටියේ ය. 

Tuesday, November 19, 2019

ඕස්ට්‍රේලියාවේ රෝස පැහැ විල.........Lake Hillier



ලේක් හිලියර් යනු බටහිර ඕස්ට්‍රේලියාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගෝල්ඩ්ෆීල්ඩ්ස්-එස්පෙරන්ස් කලාපයේ රීචර්ච් දූපත් සමූහය සෑදී ඇති මිඩ්ල් අයිලන්ඩ් අද්දර පිහිටි කුඩා ප්‍රමාණය‌ේ විලකි. එහි ජලය‌ේ ඇති රෝස පැහැය නිසා එය විශේෂයෙන් ල‌ෝකය පුරා ප්‍රසිද්ධ වී ඇත. 

තරමක් දුරින් සිට බලන විට ම‌ෙම විල චුයිනගම් ර‌ෝස පැහැය‌ෙන් දිස් වන අතර තරමක් ළං වන විට ජලය‌ේ පැහැය විනිවිද ප‌ෙන‌ෙ‌න ර‌ෝස පැහැයකින දිස් ව‌ෙි. ඒ ආසන්නය‌ේම ඇති ර‌ෝස විල සහ ස‌ෙනගාලය‌ේ ර‌ෙට්බා ර‌ෝස විල  වැනි විල් වල ජලය‌ේ පවතින අසාමන්‍ය ‌ර‌ෝස පැහැයට හ‌ේතු නිශ්චිතවම විද්‍යා‍‍‍‍ඥයන් විසින් හ‌ෙලිදරව් කරග‌ෙන ඇතත්, ‌ම‌ෙම ල‌ේක් හිලියර් හි ජලය‌ෙහි ර‌ෝස පැහැයට හ‌ේතුව තවමත් අභිරහසක්ව පවති. 

සමහරු අනුමාන කරන්නේ ලේක් හිලියර්ගේ වර්ණය අනෙක් විල් වල වර්ණය මෙන් ඉහළ ලවණතාවයේ ප්‍රතිඵලයක් වන අතර ලවණ සහිත පරිසරය‌ේ වැඩ‌ෙන ඇල්ගී විශේෂයක් වන ඩුනාලියෙල්ලා සාලිනා සහ හැලෝබැක්ටීරියා ලෙස හඳුන්වන රෝස බැක්ටීරියා ඇතිවීමයි. කෙසේවෙතත්, උෂ්ණත්ව උච්චාවචනයන්ට අනුකූලව නිරන්තරයෙන් වර්ණ වෙනස් කරන අනෙකුත් රෝස විල් මෙන් නොව, හිලියර් විල වසර පුරා ජලය‌ේ රෝස පැහැය පවත්වා ගන්නා අතර බෝතල් කළ විට පවා ජලය එහි රෝස පැහැය පවා රඳවා ගනී.

ජලය‌ේ වර්ණයට හේතුව කුමක් වුවත් ම‌ෙම විල‌ෙහි ජලය මිනිසුන්ට කිසිදු අනතුරුදායක බවක් වාර්ථා න‌ොවන අතර  දිවයින පර්යේෂණ කටයුතු සඳහා පමණක් භාවිතා කරන බැවින් සහ සංචාරකයින්ට එහා ළගා විය හැක්කේ හෙලිකොප්ටර් සවාරියක් මගින් පමණි.


Monday, November 18, 2019

ජපාන පර්ය‌ේෂකයන් නවතම නැස්කා රූප 143 ක් ස‌ොයා ගනී


ජපානය‌ේ පර්ය‌ේෂණ කණ්ඩායමක් විසින් ප‌ේරු හි දකුණු ප්‍රද‌ේශයට වන්නට පිහිටි කන්තාර ප්‍රද‌ේශය‌ේ පිහිටා ඇති අත්භූත නැස්කා ඉරි මතින් මිනිසුන්, ඔටුවන්, කුරුල්ලන් හා ව‌ෙනත් සතුන්ග‌ේ නවතම රූප 143 ක් මතු කර ගැනීමට සමත්ව තිබ‌ෙනවා.

ම‌ෙහිදී ඒක් රූපයක් AI තාක්ෂණය මගින් ස‌ොයාගන්නා ලද අතර එය ස්ථානීය පරීක්ෂණයක් මගින් තහවුරු කර ගැනීමට සමත් වුනා. 

ජපානය‌ේ යමගතා විශ්ව විද්‍යාලය මගින් ම‌ෙම ප්‍රද‌ේශය 2016 සහ 2018 කාලය‌ේ අධ්‍යනය කළ අතර එහි ස‌ොයා ගැනීම් පසුගිය න‌ොවැම්බර් 15 වන දින ප්‍රකාශයට පත් කළ‌ේය.



පර්ය‌ේෂණ කණ්ඩායම‌ෙි නායකත්වය දැරූ මානව විද්‍යාව පිළිබද විශ‌ේෂඥය‌ෙකු වන මැසැට‌ෝ සකායි පවසා සිටිය‌ේ සානුව‌ෙි බටහිර පැත්තට වන්නට පිහිටා ඇති ම‌ෙම රූප උතුර්‌ෙ සිට දකුණු දිශාවට කිල‌ෝ මීටර 10 ක් දුරට විහිදී ඇති බවයි.

ම‌ෙම නාස්කා සානුව නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර් 20 ක් ද, උතුරට දකුණට කිලෝමීටර 15 ක් ද  දුරට විහිදී පවතී.



2010 දී ආරම්භ කරන ලද ස්ථානීය පරීක්ෂණයක් සහ ගුවන් පින්තූර මත පදනම්ව, කලින් දැන සිටි ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් භූමි රූප ඇති බව පර්ය‌ේෂණ කණ්ඩායම අනුමාන කළා.

ම‌ෙිවන තුරු ම‌ෙි අකාරය‌ේ භූමි රූප 80 ක් පමණ පවතින බව විශ්වාස කල අතර මීටර 100 කට වාඩා වපසරියක පැතිර ඇති නවතම ස‌ොයා ගත් රූප දළ වශය‌ෙන් ක්‍රි. පූ. 100 හා ක්‍රි. ව. 300 පමණ කාලයක් පැරණි බව අනුමාන කරයි. 


ම‌ෙහිදී අයිබීඑම් ජපන් ලිමිටඩ් සමඟ ඇතිකර ගත් එකඟතාවයකින් AI තාක්‍ෂණය උපයෝගී කරගනිමින් මිනිස් ස්වරූපය නිරූපණය කරන මීටර් 5 ක් පමණ දිග භූමි රූපයක් ද ස‌ොයා ගන්නා ලදී.

ගුවන් දර්ශන පිළිබඳ AI විශ්ලේෂණයෙන් මගිිිින් අධ්‍යනය කරනු ලැබුව‌ෙි තවත් ම‌ෙවැනි රූප ඇතිි යැයි සැක කල හැකි ප්‍රද‌ේශ 500 කට වඩා ප්‍රද‌ේශය‌ේ විසිර ඇති බවයි.

ම‌ෙිවා අතරින් භූමි රූප යැයි අනුමාන කල හැකි ප්‍රද‌ේශ ත‌ෝරා ගත් අතර, ස්ථානීය පරීක්ෂණයක් මගින් ම‌ෙිවා භූමි රූප යැයි පර්ය‌ේෂණ කණ්ඩායම මගින තහවුරු කරන ලදි.