කිසිදු මිනිස් වාසයක් නොමැති මෙම දූපත බ්‍රසීලයට සැතැපුම් 25ක පමණ එපිටින් පිහිටා තිබෙනවා .මිනිසුනට තහනම් කලාපයක් වන මෙම දූපත පිළිබඳ ඇති වාර්තා වලට අනූව අවසන් වරට මෙම දූපතේ වෙරළ ආසන්නයට ගිය මසුන් මරන්නාගේ නිසල දේහය පසුව හුදෙකලාව පාවන බෝට්ටුව තුළ ලේ විලක් මැද හමුවී තිබෙනවා .
මෙම අභිරහස් දූපත ilha da Queimada Grande ලෙස නම් කර ඇති අතර, බ්‍රසීලය විසින් මෙහි පය ගැසීම පවා ඉතා අණතුරු දායක බැවින් මිනිසුන්ට ඒය තහනම් කළාපයක් බවට පත් කර තිබෙනවා. ඒයට හේතුව වන්නේ ලෝකයේ උග්‍ර විශ සහිත සර්ප විශේෂයක් වන රන්හිස සහිත පොළගා මෙම දූපත තුල බහුලව වාසය කිරීමයි.
මෙම උග්‍ර විෂ සහිත සර්පයන් විශාල ප්‍රමාණයක් වාසය කරන නිසාවෙන්ම සර්ප දුපත ලෙස පැවසීම අරුමයක් නෙමෙයි. සර්පයන් 2000ත් - 4000ත් පමණ ප්‍රමාණයක් මෙම දූපත තුල වාසය කරන අතර මෙම සර්පයෙකුගේ දෂ්ඨ කිරීම නිසා පැයක් ඇතුලත මිනිසෙකුට මරණය ලගාකරදීමට තරම් උග්‍ර විෂක් මොවුන් සතු වෙනවා.
දැන ගන්නට ලැබෙන ආකාරයට ඉතා දැනට ජන ශූන්‍යව පවතින මෙම දූපත තුල කලකට ඉහත දී ඒහි පවතින ප්‍රදීපාගාරය බලා ගැනීමට සිටි පුද්ගලයෙකු හා ඔහුගේ පවුල වාසය කර ඇති අතර වැඩිකල් නොගොස්ම ඒම පවුලටද මරණය වැලද ගැනීමට සිදුව තිබෙනවා. දැනට නාවික හමුදාව මගින් කලින් කලට ප්‍රදීපා ගාරයේ නඩත්තු කටයුතු සිදු කරනු ලබන අතර ඔවුන් කිසිම අවස්ථාවක දූපතට ආසන්න නොවීමට වග බලා ගන්නවා.
තවත් කතාවකට අනූව මෙම දූපතට සර්පයන් දමා ඇත්තේ තම වළලන ලද වස්තුව ආරක්ෂා කරගැනීමට සදහා මුහුදු කොල්ල කරුවන් විසිනුයි.
නමුත් ඇත්ත වශයෙන්ම සර්පයන් දූපත තුල බෝවීමට හේතුව ලෙස විද්‍යඥයන් පවසන්නේ මුහුදු ජල මට්ටම ඉහල යාමයි. වසර 10000 කට පමණ ඉහතදී බ්‍රසීලය සමග ඈදී පැවති මෙම දූපත මුහුදු ජල මට්ටමේ ඉහල යාමත් සමග ක්‍රමයෙන් හුදකලා දිවයිනක් බවට පත්ව තිබෙනවා.
දූපත තුල සිටින සතුන් ඒහි තත්වයන්ට ඔබින අකාරයට වසර දහස් ගණනක් තිස්සේ පරිණාමය වී ඇති අතර මෙම සර්පයන් ඒ් අතරින් විශේෂිතයි. කුරුල්ලන් හැර වෙනත් කිසිදු සත්ව විශේෂයක් මෙම සර්පයන්ට ආහාර පිණිස දූපත තුල නැති නිසා ඔවුන් කුරුල්ලන් සැනින් මරණයට පත්කල හැකි තරමට විෂ සහිත වී තිබෙනවා. ඊට අමතරව දූපත වෙත පැමිනෙන අමුත්තන් ආහාරය කර ගැනීමටද මෙම සර්පයන් පසුබට වෙන්නේ නැහැ.
බ්‍රසීලය තුල සිදුවන සර්පයන් දෂ්ඨ කිරීම් වලින් සියයට 90ටම වග කියනු ලබන්නේ මෙම උල් හිස සහිත රන්වන් පොලගුන් වන අතර නිසි ප්‍රතිකාර නොලදහොත් ඉතා ඉක්මණින්ම මරණය ලගා කර ගැනීමට සිදු වෙනවා.


No comments:
Post a Comment