ජපානයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් පේරු හි දකුණු ප්‍රදේශයට වන්නට පිහිටි කන්තාර ප්‍රදේශයේ පිහිටා ඇති අත්භූත නැස්කා ඉරි මතින් මිනිසුන්, ඔටුවන්, කුරුල්ලන් හා වෙනත් සතුන්ගේ නවතම රූප 143 ක් මතු කර ගැනීමට සමත්ව තිබෙනවා.
මෙහිදී ඒක් රූපයක් AI තාක්ෂණය මගින් සොයාගන්නා ලද අතර එය ස්ථානීය පරීක්ෂණයක් මගින් තහවුරු කර ගැනීමට සමත් වුනා.
ජපානයේ යමගතා විශ්ව විද්‍යාලය මගින් මෙම ප්‍රදේශය 2016 සහ 2018 කාලයේ අධ්‍යනය කළ අතර එහි සොයා ගැනීම් පසුගිය නොවැම්බර් 15 වන දින ප්‍රකාශයට පත් කළේය.
පර්යේෂණ කණ්ඩායමෙි නායකත්වය දැරූ මානව විද්‍යාව පිළිබද විශේෂඥයෙකු වන මැසැටෝ සකායි පවසා සිටියේ සානුවෙි බටහිර පැත්තට වන්නට පිහිටා ඇති මෙම රූප උතුර්‌ෙ සිට දකුණු දිශාවට කිලෝ මීටර 10 ක් දුරට විහිදී ඇති බවයි.
මෙම නාස්කා සානුව නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර් 20 ක් ද, උතුරට දකුණට කිලෝමීටර 15 ක් ද දුරට විහිදී පවතී.
2010 දී ආරම්භ කරන ලද ස්ථානීය පරීක්ෂණයක් සහ ගුවන් පින්තූර මත පදනම්ව, කලින් දැන සිටි ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් භූමි රූප ඇති බව පර්යේෂණ කණ්ඩායම අනුමාන කළා.
මෙිවන තුරු මෙි අකාරයේ භූමි රූප 80 ක් පමණ පවතින බව විශ්වාස කල අතර මීටර 100 කට වාඩා වපසරියක පැතිර ඇති නවතම සොයා ගත් රූප දළ වශයෙන් ක්‍රි. පූ. 100 හා ක්‍රි. ව. 300 පමණ කාලයක් පැරණි බව අනුමාන කරයි.
මෙහිදී අයිබීඑම් ජපන් ලිමිටඩ් සමඟ ඇතිකර ගත් එකඟතාවයකින් AI තාක්‍ෂණය උපයෝගී කරගනිමින් මිනිස් ස්වරූපය නිරූපණය කරන මීටර් 5 ක් පමණ දිග භූමි රූපයක් ද සොයා ගන්නා ලදී.
ගුවන් දර්ශන පිළිබඳ AI විශ්ලේෂණයෙන් මගිිිින් අධ්‍යනය කරනු ලැබුවෙි තවත් මෙවැනි රූප ඇතිි යැයි සැක කල හැකි ප්‍රදේශ 500 කට වඩා ප්‍රදේශයේ විසිර ඇති බවයි.
මෙිවා අතරින් භූමි රූප යැයි අනුමාන කල හැකි ප්‍රදේශ තෝරා ගත් අතර, ස්ථානීය පරීක්ෂණයක් මගින් මෙිවා භූමි රූප යැයි පර්යේෂණ කණ්ඩායම මගින තහවුරු කරන ලදි.








No comments:
Post a Comment