Friday, December 23, 2016

"ලේ" පිළිබඳ මේ කරැණු ඔබ දැන සිටියාද?


අද අපි කතා කරන්න යන්නේ රැධිරය පිළිබඳ වැදගත් කරැණු කාරණා ගණනාවක් ගැනයි. දැනට සොයාගෙන ඇති පරිදි මිනිස් සිරැරේ සහ තවත් බොහෝ සතුන්ගේ සිරැරැ තුල රැධිරය ඉතා වැදගත් මෙහෙයක් සිදුකරන අතර සෛල වලට ඔක්සිජන් සහ වෙනත් පෝ්්්‍ෂය පදාර්ථ පරිවහනයට දායක වේ.


  • රැධිරය මිනිස් සිරැරේ බරෙන් 7% ක් පමණ නියෝජනය වේ.
  • රැධිරය තුල රතු රැධිරාණු, සුදු රැධිරාණු හා පට්ටිකා අඩංගු වේ.
  • මෙම රැධිර සෛල රැධිර ප්ලස්මාව නම් දියරයක් තුල පාවෙමින් පවතී. රැධිර ප්ලස්මාව පෝෂපදාර්ථ, වායු, පෝටීන, ග්ලූකෝස් හා හෝමෝන වලින් සමන් විත වේ.
  • රැධිර ප්ලස්මාව යන්තරයක් මගින් රැධිර සෛල වලින වෙන් කර ගත හැකිය.
  • රැධිර සෛල සිරැර තුල ඹක්සිජන් පරිවහනය සඳහා විශේෂ කාර්යයක් සිදු කරයි. රැධිර සෛල තුල හිමොග්ලොබින් නම් පෝටීනයක් අඩංගු වන අතර එහි ඔක්සිජන් හා බැඳුන යකඩ ඇති අතර එමගින් රැධිරයට රතු වර්ණය ලබා දේ.
  • රතු රැධිර සෛල ඇට මිදුලු තුල නිපදවෙන අතර දින 120 ක් පුරාවට සිරැරේ සංසරණය වේ.
  • සුදු රැධිරාණු පතිශක්තීකරණ පද්දතියේ වැදගත් අංගයක් වන අතර සිරැර බැක්ටීරියා සහ වෛරස් ආසාධන, පිළිකා සෛල, ආසාධනය පල රෝග හා වෙනත් සිරැරට අනවශය දෙයින් ආරක්ෂා කර දෙයි.
  • පට්ටිකා මගින් රැධිරය කැටි ගැසීමට අවශය රැධිර කැටි නිපදවයි. මෙම කැටි මගින් සමහර අවස්ථාවලදී සෘණාත්මක බලපෑම් ඇති කරයි. මෙවැනි කැටි මොළය ආශිතව ඇති වීමෙන් ආඝාතය ඇතිවිය හැකි අතර හෘධයආශිතව ඇතිවීමෙන් හෘධ ආබාධ ඇති විය හැකිය.
  • රැධිරය මගින් සෛල වලට අවශ්‍යය වැදගත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරනා සේම සෛල වල ඇති බහිස්‍රාවී ද්‍රව්‍ය සෛල වලින් බැහැර කිරීමටයද දායක වේ.
  • දැනට රැධිර ඝන 30ක් පමණ හදුනාගෙන ඇත. නමුත් සරල ලෙස මේවා O, A, B හා AB ලෙස වර්ග කර ඇත. ඔබගේ රැධිර ඝනය කුමක්දැයි ඔබ දන්නවාද?
  • බහුතර පරිත්‍යාගශීලී මිනිසුන් සෑම වසරකම රැධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන අතර මෙම පරිත්‍යාග මගින් විශාල රෝගීන් පිරිසකගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකිවී තිබෙනවා.
  • විවිධ කරැණු මගින් රැධිර පරිත්‍යාගශීලීන් සීමා කෙරෙනවා. රැධිරය ලබා ගැනීමට පෙර පරීක්ෂණ මාලාවක් සිදු කරන්නේ රැධිරය මගින් බෝවන රෝග වැලැක්වීමට මෙන්ම පරිත්‍යාග කරන පුද්ගලයාගේ සිරැරේ රැධිරය යලි නිපදවීමට ගතවන කාලයද සැලකිල්ලට ගනු ලබනවා.
  • මිනිස් සිරැරේ ජීවය පිළිබද එක් ප්‍රධාන සලකුණන් වන්නේ රැධිර පීඩනයයි. මෙය සිරැරේ සංසරණය වන රැධිරය, රැධිර නාල බිත්ති මත ඇති කරන පීඩනය මගින් මනිනු ලබනවා. සාමන්‍ය පුද්ගල රැධිර පීඩනය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර සාමාන්‍යයක් ලෙස 120/80 mmhg ලෙස සැලකෙනවා. අධි රැධිර පීඩනය පුද්ගලයෙකුට අඝාතය සහ හෘධ ආබාධ ඇති වීමේ අවධානම වැඩිකරනවා. 

No comments:

Post a Comment