Wednesday, December 21, 2016

ලොව පැරණිම ජල සාම්පලය සොයා ගැනේ.


ලොව ඉපැරණිම ජල සාම්පලය තමන් විසින් සොයාගත් බව කැනඩාවේ ගැඹුරැ පතලක කැණීම් කටයුතු කරගෙන යන පරීක්ෂණ කණ්ඩායමක් විසින් පසුගිය සතියේ අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවති සමුලුවකදී ෙහලි දරව් කොට තිබෙනවා. මෙම ජල සාම්පල වසර බිලියන 2 ක් අාසන්න වශයෙන් පැරණි බවයි ඔවුන් පවසා සිටින්නේ.

විදුදරයන්ට අනූව ජලය පොළව මට්ටමෙන් බොහෝ ගැඹුරේ ද පවතින අතර මෙම ජල සාම්පල සාමානය ජල තාකයෙන් වෙන්ව වසර බිලියන ගණනක් තිස්සේ නොඉඳුල්ව පැවති බව පැවසෙනවා. මෙවැනි ජලය පිලිබඳ අද්යනය කිරීමට පරයේෂණ කණ්ඩායම් පතල් කැණීම් සහාගම් සමග සම්බන්ධව කටයුතු කරනවා. මෙම පතල් කරැවන් ගැඹුරට විනිවිද යන තරමට පර්යේෂකයන්ට වැඩි වැඩියෙන් මේ ගැන සෙවීමට අවස්ථාව ලැබෙනවා. මීට ඉහතදී සොයාගත් පැරණිම ජල සාම්පල ද මෙම කණ්ඩායම විසින් 2013 වසරේ දී සොයාගනු ලැබුවා. එම සාම්පල පොළව මට්ටමෙන් කිලෝ මීටර2.4 ක් පමණ ගැඹුරේ දී සොයාගත් අතර දලවශයෙන් වසර බිලියන 1.5 ක් වත් පැරණි බව කියවෙනවා. පොළව මට්ටමේ සිට කිලෝ මීටර 3 ක් පමණ ගැඹුරෙන් සොයාගත් නව ජල සාම්පලවල වයස නිෂ්චිතවම සෙවීම සඳහා පර්යේෂණ සිදුකරන බවත් හෙලිකර තිබෙනවා.

No comments:

Post a Comment