Wednesday, December 21, 2016

ලෝකයේ උසම නත්තල් ගස්



නත්තල කිව්වම ඉස්සල්ලම මතක් වෙන දෙයක් තමයි නත්තල් ගහ. මෙහි ඉතිහාසය ඉතා ඈතට දිවයනවා. අද මම කතා කරන්න සූදානම් වෙන්න‍ෙ  ලෝකයේ උසම නත්තල් ගස් ගැන. නමුත් මතක තියා ගන්න ඕන තව ටික දවකින් මේ වාර්තා සියල්ලම බිදලා දාන්න අපේ රට‍ෙ  සූදානම් බව. ඒක ඉදි වෙන්න‍‍ෙ  ගාලු මුවදොර පිටියේ එහෙම නැත්තම් අපි ඔක්කොම දන්න විදිහට Gallface Ground එකේ. එහි උස අඩි 295 ක් විතර කියලා තමයි සදහන් වෙන්නෙ. දැන් අපි බලමු මොනවද ලොකෙ උසම නත්තල් ගස් කියලා.


  1. ඇමරිකාවේ වොෂිංටන් අගනුවර (අඩි 30) - මෙම නත්තල් ගස ඇමරිකාවේ ධවල මන්දිර උද්‍යානයේ ඉදිව තිබූ අතර ලොව බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමරිකානු ජනපතිවරයා හා ඔහුගේ පවුලේ අය විසින් විවෘත කරනු ලැබ ඇත. මේ සදහා LED බල්බ් වැල් 450 ක් සහ තරැ හැඩැති අලංකරණ සැරසිලි 120 ක් පමණ යොදා ගෙන තිබෙනවා.
  2. ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර (අඩි 50) - සූරිච් නුවර නත්තලේ අභිමානය විදහා දැක්වූ මෙම නත්තල් ගස සැරසීම සදහා වීදුරැ වලින් නිර්මිත ක්‍රිස්ටල් 7000කට අධික ප්‍රමානයක් යොදාගෙන තිබුනා. මෙය සූරිච් නුවර ප්‍රධාන දුම්රිය පොල අසල පිහිටුවා තිබුනා
  3. එංගලන්තයේ ලන්ඩන් නුවර (අඩි 65.6) - 1947 වසර සිට සෑම වසරකම නෝර්වේ රාජ්‍යයෙන් දෙවන ලෝක යුද්ධයේදි දැක්වු සහයට කෘතගුණ සැලකීමක් ලෙස අලංකාර නත්තල් ගසක් එංගලන්තයට ප්‍රධානය කරනවා. ලන්ඩන් නුවර ට්‍රැෆල්ගා චතුරස්‍රයේ පිහිටුවන මෙම නත්තල් ගසේ පැමිණීම බහුතර ලන්ඩන් වැසියන් තම නිවාඩු කාලයේ ආරම්භය ලෙස සලකනවා.
  4. ඔිස්ට්‍ර‍ලෙියාව‍‍ෙ සිඩ්නි නුවර (අඩි 69) - 1937 වසරේ සිට සිඩ්නි වැසියන් මෙම ඉතා විශාල නත්තල් ගස ඉදි කිරීමෙන් නත්තල සමරන අතර මේ සදහා අලංකාර වර්ණවත් ෆ්ලෝරසන්ට් විදුලි බල්බ 59000 ක් පමණ යොදා ගැනෙන බව තමයි සදහන් වෙන්නේ.
  5. ප්‍රංශයේ පැරිස් නුවර (අඩි70) - ලෝකයේ ආදර වන්තයන්ගේ පාරාදීසය ලෙස සැලකෙන ප්‍රංශයේ පැරිස් නුවර Belle Epoque ගොඩනැගිල්ල තුල ඉදිවන මෙම අලංකාර නත්තල් ගස ක්‍රිස්ටල් වලින් අලංකරණය කර තිබෙන අතර නත්තලට ආදරය කරන්නන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු දෙයක් ලෙස සලකනවා.
  6. පැරගුවේ (අඩි 72) - පැරගුවේ පරන නගර චතුරස්‍රයේ පිහිටුන මෙම ගසත් අති අලංකාර එකක් ලෙස සලකන අතර අලංකාර විදුලි සැරසිලි වලට අමතරව 100 කට අධික ඉගුරැපාන් මිනිසා හැඩැති සැරසිලි වලින්ද සමන්විත වෙනවා.
  7. නිව් යෝර්ක් නුවර (අඩි 80) - මෙය සුප්‍රසිද්ධ හොලිවුඩයේ සංකේතය ලෙස ඉදිවන අතර මෙය පුරාවටම  Swarovski crystals වලින් අති අලංකරණය කර තිබෙනවා.
  8. ඇමරිකාවේ ෆීනික්ස් (අඩි 110) - මෙය ලොව උසම ස්වභාවික නත්තල් ගස ලෙස වාර්තා පොත් වලට එකතු වන අතර මෙම ශාකය කපා ඉවත් කරන විට එ් වෙනුවට නව පැල 12 ක් රෝපණය කරනු ලබනවා. 
  9. ජර්මනියේ ඩෝර්මන්ඩ් නුවර (අඩි 145) - මෙය හුදෙක්ම එක නත්තල් ගසක් නොව වෙන වෙනම සාදන ලද නත්තල් ගස් 1700 ක පමණ එකතුවක් ලෙස සැලකෙනවා. මෙම ගස දහස් ගණන් විදුලි බල්බ සහ ඉටි පන්දම් මගින් අති අලංකාර කර තිබෙනවා.
  10. බ්‍රසීලයේ රියෝ ඩි ජැනැයිරෝ නුවර (අඩි 278) - මෙය තරමක් අසාමාන්‍ය නත්තල් ගසක් වන අතර මෙය භුමියේ ඉදිකර නැහැ. මෙය ඉතා පුදුම ලෙස පාවෙන නත්තල් ගසක් ලෙස ඉදිකර තිබෙනවා. මෙය අලංකරණය සදහා විදුලි බල්බ මිලියන 3.3ක් පමණ යොදාගෙන තිබෙනවා. මෙය දැනට ලෝකයේ විශාලතම පාවෙන නත්තල් ගස ලෙස ගීනස් වාර්තා පොතට එකතු වී තිබෙනවා.

1 comment:

  1. Slot Machines, Restaurants & Casinos Near Casino Wyndham, MI
    Discover popular 진주 출장샵 Arts 대구광역 출장안마 near Casino Wyndham, MI 보령 출장샵 in Wyndham at 논산 출장마사지 4000 North St, 상주 출장샵 United States. See reviews, hours, directions, phone number,

    ReplyDelete